කුවේට්හි පිටුවහල් කළ ලාංකිකයින් යළි දිවයිනට.

කුවේට්හි ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද(11) අලුයම යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මොවුන් අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයින් බව සදහන්.

මොවුන් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැදී සිට ඇති අතර ,පසුව ඔවුන් විවිධ රෝගවලට ගොදුරු වීම ඇතුළු ගැටලු හේතුවෙන් මෙරටට පැමිණිම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ අනුව ඔවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සදහන්.

එමෙන්ම තවත් 2000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ඒම සදහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

Exit mobile version