වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව අද අහිමි වූ බව වාර්තා වේ.
මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද එය නීතිවිරෝධී ජයක් බවට තරග බලධාරීන් තීරණය කර තිබේ.
ඒ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙනි.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.