ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමාව අයදී.

පසුගිය දින කිහිපය තුල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ ගුවන් ගමන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් සමාව අයදින බව එම ගුවන් සේවය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන වශයෙන් තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් පසුගියදා ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සහ ප්‍රමාද කිරීමට සිදු වූ බවයි.

එමෙන්න එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ ගුවන් යානා තාවකාලිකව ගොඩබෑම සාමාන්‍ය සිදුවීමක් වන බවත් , ගුවන් යානයට මගීන් ඇතුළු කිරීමට පෙර අලුත්වැඩියා කිරීම සහ දැඩි පරීක්ෂාවට ලක් කිරීම සිදුවන බවත් , එම පරික්ෂා කිරීමෙන් අනතුරුව පියාසර කිරීම සඳහා අවසර ලබා දීම සිදු කරන බවත් ය.

නමුත් සිදු වූ තාක්ෂණික ගැටළු වලදී විකල්ප ගුවන් ගමන් සඳහා මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම ප්‍රමාද වීම් වලදී ඔවුන්ට හෝටල්වල නවාතැන් පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙන අතර සිදු වූ ප්‍රමාදය සම්බන්ධයෙන් සමාව අයදින බවත් , ඉදිරියේදී අතපසුවීම් අවම කිරීමට උනන්දුවෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version