කොරියාවේ සෝල් අගනගරය ට ආසන්න ප්‍රදේශයකදී තරුණයෙක් විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක්ව සිය මෝටර් රථයේ හප්පා පසුව ඔවුන්ට පිහියකින් ඇන ඇති බව වාර්තා වේ.
ඊයේ (03) වාර්තා වූ මෙම සිද්ධියෙන් 14 දෙනෙක් තුවාල ලබා තිබු බව සදහන්.
එම සිදුවීම වාර්තා වූයේ “Seongnam” නම් ප්‍රදේශයෙනි.
මීට සති කිහිපයකට පෙරද එරටින් පිහි ඇනුමක් වාර්තා වූ අතර ඉන් එක් අයෙක් මියගොස් තිදෙනෙක්ට තුවාල සිදුවි ඇති බව සදහන්.
මාධ්‍ය වාර්තා සඳහන් කළේ වයස අවුරුදු 20ක් පමණ වූ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු භාණ්ඩ ප්‍රවාහන රැකියාවක නිරතවන යම් මානසික රෝගයකින් පෙළෙන අයෙක් බව යි.
