විශේෂ කාර්‍ය බලකායේ හිටපු ප්‍රධානියෙකු වන ලතීෆ්ගේ මස්සිනා කෙනෙකු වන “මොහොමඩ් සිද්ධික්” නොහොත් “පික්චර්ස් ලේන් සිද්ධික්” ඕමාන් වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර කුඩු මාෆියාවේ ප්‍රධානියෙකු වන “මොහොමඩ් සිද්ධික්” ඇෆ්ගනිස්ථානය , ඉරානය , ඉන්දියාව , පාකිස්ථානය වැනි රටවල ජාත්‍යන්තර කුඩු බෙදා හැරිය ප්‍රධානියා බව කියයි.
ශ්‍රී ලංකාවේ දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිට කෙසේ හෝ නිදහස ලබා LTTE සංවිධානයේ හතර දෙනෙකු සමඟ ඔහු මෙරටින් පලා ගොස් තිබේ.
ඉන්දියාවේ දී නීතීඥවරයෙකු මරා දමා ඇති මොහු ඉන්දියාවට ද අවශ්‍යව ඇති අපරාධකරුවෙකි.
ඒ අතර මොහු සමඟ සමීප සම්බන්ධතාවක් ඇති බව කියැවෙන තවත් අපරාධකරුවෙකු වන “ගනේමුල්ලේ සංජීව” නොහොත් “සංජීව කුමාර සමරරත්න” ද නොහොත් “මාකිලංගමුවේ සංජීව” ද නේපාලයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
“අමිල නුවන්” නොහොත් “ගොත අසංක” නොහොත් “ආමි අසංක” ද සංජීව සමඟ නේපාලයේ දී අත්අඩංගුවට පත්ව තිබෙන බව නිල නොලත් වාර්ථා පෙන්වා දෙයි.
විශේෂ කාර්‍ය බලකායේ හිටපු ප්‍රධානියෙකු වන ලතීෆ්ගේ මස්සිනා වෙනුවෙන් ලතීෆ් කළ දේවල් තිබේද යන්න දැන් සොයා බැලීමට හැකිය.
එසේම අප විටින් විට පෙන්වා දී තිබෙන තොරතුරු සත්‍ය වෙමින් පවතී. විශේෂ කාර්‍ය බලකාය තුළ ලතීෆ්ගේ ගෝලයන් සිටීද ඔවුන් පාතාලය සහ කුඩ්ඩන් සමඟ තිබෙන සබඳකම් මොනවා ද යන්න දැන්වත් සොයා බැලිය යුතුය.
මෙරට කුඩු සහ පාතාලය අවසන් කිරීමට මෙන්ම වැරදිකරුවන් යහ මගට ගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක අංශ වලට සහ බුද්ධිමත් නිලධාරීන්ට බොහෝ දේ කළ හැකිය. ඒ සඳහා ඔවුන්ට බලය ලබා දිය යුතුය.
(තව දුරටත් විමර්ශන කිරීමේදී අප සදහන් කර තිබෙන සිද්ධික් යනු ලතීෆ්ගේ මස්සිනා වන සිද්ධික් නොවන බවද විවිධ පුද්ගලයන් ප්‍රකාශ කරයි. නමුත් ලතීෆ්ගේ මස්සිනා කෙනෙකුද කුඩු සිද්ධික් නමින් සිටින ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක් බවද කියයි. පුද්ගලයා වෙනස් වුවත් වැදගත් වන්නේ සිද්ධිය පමණි. අත් අඩංගුවට ගෙන අරත්තේ ඔහු නොවේ නම්, අප සදහන් කරන ලද පුද්ගලයන් සෙවිය යුතුය.)
