එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තවමත් තමන් බවත් , ඒ පිළිබදව තමන් විසින් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග අනුව නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න නුදුරු අනාගතයේ දී අධිකරණය විසින් තීන්දු කරනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“ නීත්‍යානුකූලව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තවමත් මම මයි. සමහරු බෝර්ඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවාට ඔවුන්ට නීත්‍යානුකුල අයිතියක් නැහැ. මොකද මැතිවරණ කොමසාරිස්තුමාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස දැන් කටයුතු කරන පුද්ගලයා පිළිනොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා එම පුද්ගලයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස පෙනී සිටින්නට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල අයිතියක් නැහැ “