පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට හපුතලේ දක්වා කිලෝමීටර 20ක පමණ මාර්ග කොටසකට අද (19 )උදෑසන වන විට තැනින් තැන ගල් පෙරළී තිබූ බව වාර්තා වේ .
පොලීසිය පවසන්නේ ඉහළ කඳු මුදුන් වල සිට බුරුල් වී ඇති ගල් පර්වත පෙරලීමේ අවදානම තවදුරටත් පවතින බවයි.
මෙම මාර්ග භාවිතයේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
