අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස්කර තබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ පැවති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම්දීම සිදු කර තිබේ.
ඊට හේතු ලෙස ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ පවතින ගැටුම හා යුක්රේන රුසියා ගැටුම නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන බවයි.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලු ගබඩාවල අවශ්‍ය තරම් ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීමට සැලසුම් කර තිබේ.
තවද මෙම යුද්ධ හේතුවෙන් බොර තෙල් නිෂ්පාදකයින්ද සිය නිෂ්පාදන කටයුතු අවම කර ඇත්තේ මෙය දීර්ඝ කාලීන යුද්ධයක් බවට පත්වේයැයි පවතින විශ්වාසය හේතුවෙනි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 80-86 අතර විවිධ පරාසයන්ගෙන් පවතින බවද විදේශ ප්‍රවෘත්ති වාර්තා කරයි.
