ආනයනික මාළු ගැන කියන කතා.

ධීවර අමාත්‍යංශය චීනයෙන් මසුන් ආනයනය කිරීම ගැටලු සහගත බවත් , ධීවර අමාත්‍යාංශය විසින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මත්ස්‍ය කිලෝ 12,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවත් සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා බලපිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

නමුත් මෙම චෝදනාව සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ ධීවර ජනතාවට ගැටලුවක් සිදුනොවන පරිදි පාරිභෝගිකයාට වාසියක් සිදුවන පරිදි මෙම මත්සයින් ආනයනය සිදුකර ඇති බවත් , ඇතැම් පුද්ගලයින් පෞද්ගලිකව මසුන් ආනයනය කර තත්ත්වයෙන් බාල ගුණාත්මක භාවයෙන් තොරව වැඩි මිලට මාළු අලෙවි කරන බවත් ය.

Exit mobile version