IMF ගෙන් ශ්‍රී ලංකා රේගුවට දැඩි අප්‍රසාදයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදයක් පළ කර තිබෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මන්ත්‍රීවරයා සඳහන් කළේ රේගුවේ අකාර්යක්ෂමතාවය සහ දූෂණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙන බවත් , මේ වස⁣රේ රේගුවෙන් බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 1217ක් වන නමුත් මේ වන විට ලැබී තිබෙන්නේ බිලියන 655 ක් පමණක් බවත් ය.

එමෙන්ම මෙරට වාහන ආනයනය නතර කර තිබුණත් වෙළෙඳපොළේ අලුත් වාහන ඇති බවත් , 2020 වසරේ නිෂ්පාදිත බී.එම්.ඩබ්ලිව්,මොන්ටෙරෝ ආදී අලුත් වාහන පවා එලෙස විකිණීමට තිබෙන බවත් , තහනම් කළාට පසුවත් මේ වාහන රේගුවෙන් එලියට ඇවිත් ඇති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version