වව්නියාවේ වක්කකුලම් ප්‍රදේශයේ දී අවුරුදු 8 සිසුවෙකුට බරපතළ ලිංගික අතවර කළා යැයි කියන 15 හැවිරිදි සිසුවෙකු ඊයේ (28)වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට පාසල අවසන් වීමෙන් පසු සැකකාර සිසුවා අනෙක් සිසුවාව නිවසකට රැගෙන ගොස් මුළු රැයක් පුරා එම නිවසේ තබාගෙන එම සිසුවාට පහර දෙමින් බරපතළ ලෙස ලිංගික අතවර කර තිබේ. පාසල් සිසුවා පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවසේ අය විසින් වව්නියාව පොලීසියට පැමිණිලි කර තිබේ. අනතුරුව සිසුන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ලිංගික අතවරයකට ලක් වූවා යැයි කියන සිසුවා වව්නියාව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වව්නියාව පොලීසියේ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.