සුඩානයේ යුධ ගැටුම් වැඩිව ඇති මොහොතක තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම ලෙස ලාංකික පුරවැසියන් 11 දෙනෙකු ජෙඩා නුවරට ළඟා වී තිබෙන බව වාර්තාවේ.
මේ වනවිට සුඩානයේ යුධ ගැටුම් අතරතුර ඉවත් කරගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 31 දෙනෙකු බවයි සදහන් වන්නේ.
එරට පවතින මෙම ගැටුම් හේතුවෙන් මේවන විට 500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ලක්ෂ 8 ක පමණ ජනතාවක් අසල්වැසි රටවල් කරා පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත මධ්‍යස්ථානය සදහන් කර ඇති බව වාර්තාවේ.
මෙම තත්වය හමුවේ තුවාල ලබා ඇති ගණන කොපමණදැයි මෙතෙක් ගණන් බලා නැති බව පැවසේ.
සෞදි විදේශ අමාත්‍යංශය සදහන් කොට ඇත්තේ මේ වන විට සෞදි අරාබිය විසින් සුඩානයෙන් විශාල ප්‍රමාණයක් ඉවත් කරගත් බවත් ඉන් වැඩි ප්‍රමාණයක් විදේශිකයින් වන බවයි.
