“සුද්දි ” හා “රෑස්සි” අත්අඩංගුවට .

මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු බවට හදුනාගෙන ඇති “සුද්දි” හා “රෑස්සි” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කාන්තාවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

මෙම කාන්තාවන් දෙදෙනා නාහේන ප්‍රදේශයේම පදිංචිකාරිනියන් වන අතර ඔවුන් දෙදෙනා සතුව තිබී පිළිවෙලින් හෙරෝයින් මිලිග්‍රෑම් 2320 ක් හා මිලිග්‍රෑම් 2160 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Exit mobile version