නාවික හමුදාපතිගේ නිවස මංකොල්ලකෑ ” සුදූ ” අත්අඩංගුවට.

Thief burglar opening door during house breaking penetration

නාවික හමුදාපතිගේ නිවස බිද භාණ්ඩ සොරා ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි එම නිවසට ඇතුළු වී ඇති මෙම සැකකරු ජනේලවලට සවිකර තිබූ පිත්තල සරණේරු සොරකම් කර ඇති බවට පොලිසිය සදහන් කර තිබේ.

” සුදූ ” නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන මොහු අධික ලෙස හෙරෝයින් පානයට ඇබ්බැහි වී ඇති අයෙකු බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ සදහා කැස්බෑව පොලිසියට භාර දී තිබේ.

Exit mobile version