දකුණු ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන විජය හට එරට පොලිසිය විසින් රථවාහන දඩයක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොහු ඊයේ (11) දින ඔහුගේ නවතම චිත්‍රපටය වන “ ලියෝ “ රූගත කිරීම් නිමකර සිය නිවස කරා පැමිණෙමින් සිටිය දී ඔහුගේ රසිකයින් පිරිසක් විජයගේ රථය ලුහුබැඳ තිබේ. එම අවස්ථාවේ දී එක් මංසන්ධියක මාර්ග සංඥාවල රතු පැහැය දැල්වී තිබිය දී එය පසුකර රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර එය ඒ අසල කැමරාවක පටිගත වී තිබිණි. ඒ අනුව ඔහුට ඉන්දියානු රුපියල් 500 ක දඩයක් එරට රථවාහන පොලිසිය විසින් නියම කර තිබේ.
තම රසිකයින් විශාල ප්‍රමාණයක් තමා හඹා ආ බවත් , ඔවුන්ගේ ආරක්ෂාව සඳහා රසිකයින් මඟහැර යාමට එලෙස මාර්ග සංඥා නොතකා රිය ධාවනය කළ බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විජය අදහස් දක්වා තිබේ.
