මෙරට රග්බි අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයෙන් සහාය.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය සහයෝගය ලබා දෙන බවත් , මෙරට රග්බි සම්මේලනය සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්  ආසියානු රග්බි සම්මේලනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඩුබායිහි ,  ආසියානු සම්මේලන මූලස්ථානයේදී එහි සභාපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආසියානු රග්බි සම්මේලනය පසුගියදා තීරණය කළ අතර එයට ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා හට තම ප්‍රසාදය පළ කර තිබේ.

Exit mobile version