සමරිසි විවාහ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද.

සමරිසි විවාහවලට ඉඩදෙන්නේ ද යන්න පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

සමරිසි යුවළ සහ සමරිසි ක්‍රියාකාරකම්වල සංවිධාන ඉදිරිපත් කර තිබූ පෙත්සම් 21ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය මාස කිහිපයේදී විභාගයට ගැනුණි.

ඒ අනුව අගවිනිසුරු චන්ද්‍රාචුඩ් ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව සදහන්.

පෙත්සම්කරුවන් ප්‍රකාශ කළේ, විවාහ වීමට නොහැකි වීමෙන් තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර ඔවුන් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත්වන බවයි.

ඊට එරෙහිව අදහස් ඉදිරිපත් කළ ඉන්දීය රජය සහ ආගමික නායකයන් කරුණු දක්වා ඇත්තේ සමරිසි ක්‍රියාකාරකම් ඉන්දියානු සංස්කෘතියට පටහැනි බවයි.

Exit mobile version