හෙරෝයින් සමග සැකකරු කොටු.

ඊයේ (03) දින දහවල් කාලයේදී හික්කඩුව පොලිස් වසමේ කිරහන්දිගොඩ ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර හෙරෝයින් ග්‍රෑම් 17ක් හා ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකා රත්ගම කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වූ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ පිළිබඳව හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version