මාලඹේ දරුවාගේ මරණයේ සැකකරු අධිකරණයට.

මාලඹේ හල්බරාව ප්‍රදේශයේ තුවාල සහිතව මරණයට පත්ව සිටි දරුවාගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගත් 51 හැවිරිදි තණකොළ කපන්නා අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ .

ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ අත්වැරදීමකින් තණකොළ කපන මැෂිමේ තලය දරුවාගේ උදරයේ වැදී දරුවා මියගිය බවයි. .

ඒ අනුව දරුවාගේ දේහය මාලඹේ 8 කණුව ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (11) තලාහේන පොදු සුසාන භුමියෙදී සිදු කිරීමට නියමිත බව සඳහන්.

Exit mobile version