ගවයින් සොරා ගත් සැකකරුවන් පොලිස් දැලේ.

ගවයින් සොරකම් කළ බහුකාර්ය සංවර්ධන නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු අඹන්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

විශ්‍රාමික හමුදා නිලධාරියකු සතු ව සිටි ගවයින් දෙදෙනකු වෙල්යායක ගැටගසා සිටියදී මෙලෙස සොරා ගෙන ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

සොරා ගන්නා ලද ගවයින් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version