විදුහල්පතිවරයෙකුගේ වැඩ තහනමක්.

ගිය වසරේ අගෝස්තු මසදී සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා එල්ල වූ රත්නපුර ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

වැඩ තහනම් කර තිබෙන කාලයේ දී ඔහුගේ වැටුප් නොගෙවන අතර ,විනය බලධාරියාගේ අවසරයකින් තොරව රටින් බැහැරට යා නොහැකි බවත් විදුහල්පතිවරයාට දන්වා තිබේ.

එමෙන්ම පාසල් භූමියට ඇතුළු වීමද විදුහල්පතිවරයාට සපුරා තහනම් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභා අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය මත මෙම පියවර ගෙන ඇති බව සදහන්.

Exit mobile version