සැරයන්වරයෙකුගේ වැඩ තහනමක්.

බේරුවල පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු පළා යාමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පෙරේදා සවස හෙරොයින් සන්තකයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් පයාගල හොරගස්කැලේ පදිංචි සැකකරුවෙකු මෙලෙස සිරමැදිරියෙන් පලාගොස් ඇති බවට බේරුවල පොලිසිය ප්‍රකාශ කර තිබේ.

නිසි ලෙස සිර මැදිරියේ ඉබි යතුරු නොදැමීම නිසා මෙම සැකකරු පළාගොස් ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.

Exit mobile version