සැකකටයුතු ඉන්හෙලර් පාසල් බෑග් වල .

සිසුන් කිහිප දෙනෙකුගේ පොත් බෑග් තුළ තිබී සැක ද්‍රව්‍ය සහිත ඉන්හෙලර් කිහිපයක් ගොකරැල්ල පොලීසිය විසින් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .

නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකුගේ පොත් බෑග් පරීක්ෂා කර බැලූ පන්තිභාර ගුරුවරියට මෙම ඉන්හෙලර් වර්ගය හමුවී ඇති අතර පසුව සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාල ඉන්හෙලර් වර්ගය අලෙවි කළ ව්‍යාපාරිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිස් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර ව්‍යාපාරිකයා ගොකරැල්ල ප්‍රදේශයේ ජංගම දුරකථන සහ උපාංග අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන අයෙක් බවයි .

Exit mobile version