තලාතුඔය පොලිස් වසමේ දී අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාශක උණ්ඩයක් සහ ස්වයංක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
තලාතුඔය පොලිස් වසමේ මයිලපිටිය ප්‍රදේශයේ මහනුවර පදියපැලැල්ල මාර්ගයේ 16වෙනි කිලෝමිටර් කණුව අසල අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාශක උණ්ඩයක් ස්වයංක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ නවයක් ඇතුලු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බවට තලාතුඔය පොලීසිය පවසයි.
තලාතුඔය පොලිස් නිලධාරින්හට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම තොගය සොයාගෙන තිබේ.
මෙම සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිළධාරින් හට භාරදි නිශ්ක්‍රීය කිරිමට කටයුතු කර තිබේ.
