උතුරේ සුළුතර සිංහල ජනතාවට දෙමළ සංවිධානවලින් කෙනෙහිළිකම්

මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අයත් එකම සිංහල ජනපදය වන කෝකිලායි ජනපදයේ ඇති මුත්තුවාරන් සිංහල ධීවර ගම්මානයේ ජනතාවට තම ජීවත් වන ස්ථානයේ ඉඩම් අයිතිය නොමැතිව පත්ව සිටින අසරණභාවය හා ඔවුන්ව මේ වන විට තමන් සිටින ස්ථායෙන් පන්නා දැමීමට කටයුතු කරන බව මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආර්.ඒ.වීරකෝන් මහතා සහ කෝකිලායි ධීවර සමිතියේ සභාපති රුක්මාල් තුෂාර ලිවේරා යන අය ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් විවිධ කරුණු අනාවරණය කරන ලදී.

ඔවුන් ප්‍රකාශ කරන්නේ උතුරේ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ රාජ්‍ය නිලධාරීන් , දෙමළ ජාතික සංවිධානය විසින් විවිධ කෙනෙහිලිකම් සිදු කරන බවයි.1933 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම කෝකිලායි ජනපදයේ ජීවත් වන කිසිදු ජනපාදිකයෙකුට මේ වන තෙක් තමන් ජීවත් වන ස්ථානයට ඉඩම් අයිතියක් හෝ බලපත්‍රයක් ලබා දී නොමැති බවයි. එමෙන්ම කිසිදු රාජතාන්ත්‍රික කටයුත්තක් සිදු නොකරන බවයි. 2010 වර්ෂයේ යුද්ධය අවසන් වීමෙන් පසු මෙම ඉඩම් සදහා බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලුව ද මේ වන තෙක් කිසිදු විසදුමක් නොලැබුණු බව ඔවුන් ප්‍රකාශ කරයි.

එමෙන්ම පෙර තිබූ ජනපදයකට 1978 වර්ෂයේ දී ජෝන් සෙනවිරත්න මහතා සිටිය දී වාර්ෂිකව බලපත්‍ර ලබා දී ඇති අතර මෙම බලපත්‍ර ලබා දුන්නද සිංහල වීම හේතුවෙන් කිසිදු හව්හරනක් නොලැබුණු බවද මොවුන් ප්‍රකාශ කරයි. මෙම ජනපදයේ සිටි ඔස්ටින් සිල්වා සහ මේරි මාග්‍රට් යන දෙපළගේ ඡන්ද අයිතිය ලබා දීම උදෙසා කෝකිලායි ධීවර සමිතියේ සභාපති රුක්මාල් තුෂාර විසින් මොවුන්ව මැතිවරණ කොමසාරිස් හමුවට ගොස් ඡන්ද අයිතිය ලබා දීමට කටයුතු කළ බවත් , ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් ලබා දීමට නොහැකි යැයි කියූ නිසාවෙන් ඒ සදහා රාජ්‍ය පරිපාලන කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනය මගින් විගණනයක් කර ජාතික ජාතික හැදුනුම්පත් ලබා දීමට කටයුතු කළ බවත් රුක්මාල් තුෂාර මහතා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මොවුන් ප්‍රකාශ කරන ආකාරයට මොවුන්ට ඡන්ද අයිතිය ලැබී ඇත්තේ නීත්‍යානුකූල අයිතියකින් තොරව සානුකම්පිත ලියකියවිලි මතයි.

ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය 1979 වර්ෂයේ අංක 2331 දරණ මහවැලි අති විශේෂ ගැසට් නිවේදනයක් සමග 2017 වර්ෂයේ අප්‍රේල් මස 29 වන දින කෝකිලායි ජනපදය විශේෂිත කලාපයක් බවට නම් කළ බවයි. එමෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික බලපත්‍ර ලබා දීමත් සමග ඉන් දින දෙකකට පසුව සමුද්‍රන් මහතා , විග්නේෂ්වරන් මහතා , TNA සංවිධානය , දෙමළ ජාතික සංවිධානය ඇතුළු ඩයස් පෝරාව විසින් මුලතිව් නගරයේ රාජ්‍ය ආයතන වසා දමා කළු කොඩි ද දමා ලබා දුන් බලපත්‍ර අහෝසි කරන ලෙසට විරෝධය දැක්වූ බවයි. එමෙන්ම මෙම සංවිධානවල එකම අභිප්‍රාය කෝකිලායි ජනපදය ඉවත් කිරීම බව ඔවුන් අනාවරණය කරයි.

මෙවැනි අකටයුතුකම් කිරීමට හේතුව උතුරේ එකම සිංහල කොට්ඨාසය වීමද නැතහොත් උතුරේ එකම සිංහල සුළුතර ජනතාව වීමද යන වග ඔවුන් ප්‍රශ්න කර සිටී.

මොවුන්ගේ අවසාන ඉල්ලීම වන්නේ කෝකිලායි , නයාලි , වැලිඔය කලාපීය ජනපදයේ ජීවත් වන ජනතාවගේ ඉඩම් අයිතීන් සහ අනෙකුත් අයිතීන් වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ස්වාධීනව ජනාධිපතිවරයාගෙන් හෝ විමර්ශනයක් කැදවා මෙම ගැටලුවට නිසි පිළිතුරක් ලබා දෙන ලෙසයි. එමෙන්ම මොවුන් ප්‍රකාශ කරන්නේ ජාතිවාදය ඇවිස්සීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
මුලතිව් ප්‍රදේශයේ කෝකිලායි ජනපදයේ පිහිටි මුත්තුවාරන් සිංහල ධීවර ගම්මානයේ ජනතාව උතුරේ එකම සුළුතරයින් වීම නිසා සිදු වූ විවිධ කෙනෙහිළිකම් , අකටයුතුකම් පිළිබදව වැඩි දුර විස්තර දැන ගැනීමට පහත වීඩියෝව නරඹන්න .

Exit mobile version