තරුෂි ලක්මව රනින් සරසයි.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න සමත්වූ බව වාර්තා වේ.

ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20කි.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත් බව සදහන්.

2002 වසරෙන් පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්විය.

Exit mobile version