ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපි ගොනු .

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම එම වැඩසටහනට අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කිරීම සිදු කෙරෙන අතර දෙසැම්බර් 01 වෙනිදාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව සඳහන් .

මෙතෙක් බදු ලිපි ගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ මෙම වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබේ .

Exit mobile version