ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රට පුරා ගුරු විදුහල්පතිවරුන් අද (30) උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ .
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වලදී අද (30) පස්වරුවේ ගුරු විදුහල්පතිවරුන් උද්ඝෝෂණයේ නිරත වන බවයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ද ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවන බව සඳහන් .
එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ එම උද්ඝෝෂණ සඳහා සිය සාමාජිකයන් ද එක්වන බවයි.
