කදුළු ගෑස් ගැහුවාට ගුරුවරුන් හෙටත් පාරට බසීයි .

ගුරු – විදුහල්පති විරෝධතාවට පසුගිය 24 වනදා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළකරමින් පාසල් කාල වේලාවෙන් පසු පාසල් ඉදිරිපිට හෙට (27 ) දිනයේ විරෝධතා පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබෙන බව වාර්තා වේ .

එමෙන්ම ඔවුන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බවත් , ගුරු විදුහල්පතිරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් වෙන් නොකළහොත් කවර මර්දනකාරී තත්ත්වයක් පැවතිය ද ඉදිරියේ දී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවත් , එදින ආණ්ඩුව පහර දුන්නේ විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතියට බවත් ය.

Exit mobile version