යාපනයේ ශික්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකථන භාවිතා කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කර ඇති බව වාර්තා වේ.
උණ රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහල වෙත පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වී තිබෙන්නේ දැරිය ඇතුලු කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම නිසා බවට අනාවරණය වී තිබේ.
මෙම හෙදියට එරෙහිව සාක්ෂි දී තිබෙන බොහෝ රෝගීන් ප්‍රකාශ කර ඇත්තේ එම හෙදිය සිය ජංගම දුරකථනය සමඟ කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා බවත් , රෝගීන්ගේ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලබා නොදෙන බවත් ය.
ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගනිමින් යාපනයේ ශික්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ .
