තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙය ලබන සඳුදා සිට නිකුත් කරන රියදුරු බලපත්‍රවලට වලංගු වන බවත් , ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට සකස් කරමින් පවතින බවත් සඳහන්.
මීට පෙර පැවති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩ ගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.