උල් පිහියක් රැගෙන මහවිල මිරිස්වත්ත නිවසකට කඩා වැදී නිවෙස් හිමි කාන්තාවගේ ගෙලට පිහියක් තබා රුපියල් 75,000 මුදලක් කොල්ල කෑ “ඇගිල්ලා”අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මක බව අලුබෝමුල්ල පොලිසිය වාර්තා කරයි.
එම කාන්තාව දීර්ඝ කාලයක සිට හදුනන පුද්ගලයකු වන දිනේෂ් මංජු හේමසිරි හෙවත් “ඇගිල්ලා” නිවෙස තුළට කඩා වැදී කාන්තාවගේ ගෙලට පිහිය තබා මුදල් ලබා දෙන ලෙස මරණීය තර්ජන එල්ල කළ බවත් ඉන් බියට පත් වූ කාන්තාව කොල්ලකරු සමග නිවස තුළට ගොස් අල්මාරියේ තිබූ රුපියල් 75000 කොල්ලකරු අතට ලබා දීමෙන් අනතුරුව සැකකරු පළාගොස් තිබූ බව පොලිස් විමර්ශණ වලින් අනාවරණය වේ.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා අලුබෝමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සදහන්.
