අම්මා බැන්නට ඇයි පුතේ උබ ඔතරම් ගෙල වැළලා ගත්තේ…

මව සමඟ උරණ වූ 13 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැළලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .

සෙල්ලම් කරමින් සිටියදී උපකාරක පන්ති යාමට සූදානම් වන ලෙස මව විසින් සිසුවාට දන්වා ඇති අතර එයට උරණ වූ සිසුවා කාමරය තුළට ගොස් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු දෙමටගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version