එක්සත් රාජධානියේත්, ඉන් පිටතත් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය – එනම්, ආගමික මෙහෙයක් හා උත්සවශ්‍රීය එක්තැන් කරන සංකේතාත්මක උත්සවය – සැමරීම සඳහා සූදානම්වෙමින් සිටිති.
එය මැයි හයවැනි දා 06 වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේ දී (වෙස්ට්මින්ස්ටර් ඇබී) පැවැත්වීමට නියමිත අතර, එදින රාජ මෙහෙසිය කැමිලා සමග ඔටුනු පළඳින රජු, වර්ෂ 1066න් පසු එම දෙව් මැඳුරේ දී කිරුළු පළන් 40 වැනි රාජ්‍යත්වය දරන අධිරාජ්‍යයා වනු ඇත.
උත්සවශ්‍රීයෙන් හා උපචාර විධීන්ගෙන් සැදි මෙදින, වසර 1000කට වඩා පැරණි චාරිත්‍රයන් ද පිළිපදිනු ඇත .
සැමරුම් විධිමත් ලෙස ආරම්භවන්නේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබී වෙත ගමන් කරනා පෙරහැරකිනි. එය ගමන් කරනා මඟ දෙපස පිහිටුවා ඇති නැරඹුම් ස්ථාන බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පැය 06:00ට (ලංකා වේලාවෙන් පෙ.ව. 10:30ට) විවෘත කෙරෙනු ඇත.
සරත් සමරනායක
