සංක්‍රමණිකයන් 18කට මරු කැඳවූ අනතුර.

දකුණු මෙක්සිකෝවේ අධිවේගි මාර්ගයකදී සංක්‍රමණිකයින් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් 18 දෙනෙකු මියගොස් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රදේශය කඳුකරය හරහා වංගු සහිත ප්‍රදේශයක් බව සඳහන්.

අධික වේගය හේතුවෙන් පෙරළී ගිය මෙම බස් රථය නීතිවිරෝධීව ඇමරිකාවට ඇතුලුවීමේ අරමුණින් වෙනිසියුලාවේ සහ හයිටියේ සිට පැමිණි පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

Exit mobile version