ගිලන් රථ රියදුරා කොස්තාපල්ගේ අත සපා කාලා.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී රියදුරා පැන ගොස් ඇති බව වාර්තා වේ .

මුරුන්කන් පොලීසිය පවසන්නේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේ දී පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178ක් සහ මිලි ග්‍රෑම් 750 ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් , මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවත් ය.

සපාකෑමෙන් සහ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුරුන්කන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ .

Exit mobile version