දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද විවාදයට.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත් අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ලිංගික අල්ලස් පිළිබඳ සංකල්ප දූෂණ විරෝධී පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තම සංසදය ප්‍රසාදය පළ කරන බවත් , අදට (21) යෙදී තිබෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පත් විවාදයට පෙර සංශෝදනය විය යුතු ප්‍රමුඛතා දෙකක් හඳුනා ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විශේසඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දුන් බව සඳහන්.

මෙම ප්‍රමුඛතා දෙකෙන් පළමුවැන්න වශයෙන් ලිංගික අනුග්‍රහය යන වචනය වෙනස් කර එය ලිංගික අල්ලස් යන යෙදුම ආදේශ කිරීම බව සඳහන් කර තිබේ.

Exit mobile version