අනවසරයෙන් නෞකාවකට නැගී විදෙශ් ගතවීමට උත්සහා දැරූ යාපනය ප්‍රදේශයේ තරුණයන් සිවු දෙනකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.
මොහුන් සිවු දෙනා මාර්තු මස 24 වනදින කොළඹ වරායේ නවතා තිබු නෞකාවකට හොර රහසේ ඇතුල්වී ඇත්තේ 25 වනදා එම නැව විදෙශ් ගතවීමට නියමිත් බැවනි.
අදාළ නෞකාව අද (10) දින ගාල්ලට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නෞකාවේ කාර්ය මණ්ඩලය ඔහුන් සිවු දෙනා දැක ගාල්ල වරාය පොලිසියට භාර දී ඇති බව සදහන්වේ.
මොහුන් සිවු දෙනා වයස අවුරුදු 21 ත් 35 ත් අතර පසුවන තරුණයන් බව පොලීසිය සදහන් කරයි.
