ක්‍රිකට් ආයතනයේ මුදල් ගැන ඇමතිගේ අවධානය.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරිම සඳහා භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලෝකයේ ඕනෑම් කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව සහ දක්ෂතාව පවතින බවත් , අර්ජුන රනතුංගගේ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව තිබුණු බවත් , එය යළි ඇති කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ .

Exit mobile version