ඉන්ධන පිරවුම්හල්වලට පැන වූ තහනම ඉවතට.

QR කේතයෙන් පරිභාහිරව ඉන්ධන අලෙවි කළ පිරවුම්හල් 40කට ඉන්ධන අලෙවිය පසුගිය 6 වැනිදා තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර එම පිරවුම්හල්වලට ලබන 12 වැනිදා සිට සුපුරුදු පරිදි ඉන්ධන අලෙවි කළ හැකි බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම ඉන්ධන පිරවුම්හල් වෙත සතියක තහනමක් පනවා තිබූ බවත් එය හෙටින් පසු ඉවත් කරන බවත් අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 26කට ද ඉන්ධන අලෙවිය පසුගිය 7 වැනිදා අත්හිටුවනු ලැබූ අතර එම පිරවුම්හල් සඳහා ද එළඹෙන 12 වනදා සිට ඉන්ධන නිකුත් කිරීමට හැකියාව පවතින බව වාර්තා කරයි.

Exit mobile version