පසුගිය 11 වැනිදා ගලේවෙල ,දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල්වරියගේ අවසන් කටයුතු ඊයේ (13) සිදු කරනු ලැබුවේ සියල්ලන්ගේම ඇසට කදුලක් එක් කරමිනි.
එම අවස්ථාව වඩාත් සංවේදී අවස්ථාවක් වූයේ ඇය වඩාත් ප්‍රිය කරන ‘ටෙඩිබෙයා’ ඇයගේ දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය මත තිබූ නිසයි.
එසේම ඇයගේ දේහය භූමදානය කරන විට ටෙඩිබෙයා සමග භූමදානය කෙරුණු බව වාර්තා වේ.
ජීවිතක්ෂයට පත්වන විට ඇය 25 හැවිරිදි වියේ පසු වුණු අතර ඇය පේදුරුතුඩුව පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරියකි.
