නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පානදුගම ප්‍රදේශයෙන් ජල මට්ටම මීටර් 6.87ක් දක්වා ඉහළගොස් ඇති බවයි.
ඒ අනුව රාත්‍රී 8ට පමණ එහි අගය සටහන්ව තිබුණේ මීටර් 6.85ක් ලෙසට බව සදහන් .
මෙය මීටර් 7.50ක් දක්වා ඉහළගියහොත් මහා ගංවතුර තත්ත්වයක් බවට පත්විය හැකි බවත් , මේ වනවිට නිල්වලා ගඟේ පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ .
