භූමදානය කර තිබූ දරුවෙකුගේ දේහය අතුරුදහන් .

රාසේන්ද්‍රා කුලම් පොදු සුසාන භූමියේ භූමදානය කර තිබූ අවුරුදු දෙකක් වයසැති දරුවෙකුගේ දේහය අතුරුදන් වී ඇති බවට එම දරුවාගේ මව විසින් නෙලුක්කුලම පොලීසිය වෙත පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

පසුගිය මස විසිපස් වැනිදා නිවසේ තිබූ ජල ටැංකියට වැටීමෙන් මෙම දරුවා මියගොස් ඇති බව සදහන්.

පසුගිය මස 26 වැනිදා දරුවාගේ මෘත දේහය භූමදානය කර තිබේ.

පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කැණීමක් සිදු කර ඇති බවට සාක්ෂි සාධක හමුවූ බව පොලීසිය පවසයි.

නෙලුක්කුලම පොලීසිය දරුවාගේ දේහය සොයා විමර්ශන ආරම්භ කර ඇති බවට පොලීසිය අනාවරණය කර තිබේ.

Exit mobile version