සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටියදී මහල් නිවාස සංකීර්ණයක 8 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ ලාංකික කාන්තාවගේ දේහය අද (19) දින මෙරටට ගෙන ඒමට නියමිත බවට වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දංකොටුව – මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට විදෙස්ගත වූ 41 හැවිරිදි විවාහක කාන්තාවක් බව සදහන්.
ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මීට පෙර ප්‍රකාශ කර ඇති බවට අනාවරණය වේ.
ඇය මහල් නිවසෙන් ඇද වැටෙන ආකාරය කිසියම් පුද්ගලයකු විසින් වීඩියෝ ගත කර ඇති අතර මෙය අනතුරක්ද දිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.
