පූගොඩ මණ්ඩාවල හිලේරියන් ෆාම් ප්‍රදේශයේ නිවසකදී සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට සැමියා ද එල්ලී සියදිවි නසා ගෙන ඇති බව වාර්තා වේ.
එම අඹුසැමි යුවළ අතර නිතර නිතර ආරවුල් ඇති වී පොලීසියට ද පැමිණිලි කර තිබූ බවත් පොලීසිය පවසයි.
මෙහිදී සුමිත්‍රා වික්‍රමසිංහ නැමැති 46 හැවිරිදි සිව් දරු මවද ඇගේ සැමියා වන අවුරුදු 54ක ධර්මකීර්ති විජේතුංග නැමැති අය ද මියගොස් තිබේ.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් කමල් සම්බන්ධ පෙරුම් මහතා 24 දා අලුයම එම ස්ථානයට ගොස් සිදු කොට ඇති අතර මෘත ශරීරය වතුපිටිවල රෝහල වෙත ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ද පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
පූගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.