අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ සිරුර වැවක .

කිලිනොච්චිය , පුදුඅයියන්කුලම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගොස් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර මලයාලපුරම් ප්‍රදේශයේ වැවක තිබී සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල , පන්සලගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල මත්පැන් ජාවාරමක් පිළිබඳව ලද තොරතුරක් මත මෙම පොලිස් කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (14) එම ප්‍රදේශයට ගොස් තිබේ .

පොලිසිය ප්‍රකාශ කරන්නේ වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනා ගොස් ඇති බවත් , එහිදී ක්‍රියාත්මක වූ මෙම පොලිස් නිලධාරියා ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේ දී අතුරුදන් වී ඇති බවත් ය.

Exit mobile version