අතුරුදන්ව සිටි අයෙකුගේ අස්ථි කොටස් හමුවෙයි.

දික් ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් දින කිහිපයක පටන් අතුරුදන්ව සිටි අයෙකුගේ අස්ථි කොටස් නෝර්වුඩ් පොලිස් වසමට අයත් පොයිස්ටන් වතුයායට අයත් නිව්ටන් කොටසේ ගසක් යට තිබියදී සොයා ගත් බව වාර්තා වේ .

හැටන් නිව්ටන් වත්තේ තණකොළ කැපීම සදහා ගිය පුද්ගලයෙකු විසින් මෙම අස්ථි කොටස් දැක ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත දැනුම් දී තිබේ.

අදාළ අස්ථි කොටස් හැටන් දික් ඔය මාණික්‍ය වත්ත 3 වැනි කොටසේ පදිංචි 49 හැවිරිදි අයෙකුගේ බව අනාවරණය වී තිබේ .

Exit mobile version