ළඳුන්ගේ නිරුවත අලෙවි කළ කොල්ලන්ට වැඩ වරදී.

රුපියල් දහස් ගණනින් මුදල් අය කරමින් ඉල්ලුම්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ කාන්තා නිරුවත් ඡායාරූප අලෙවි කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

අදාළ චෝදනාව යටතේ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (26)කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් කළ බව සදහන්.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේ ලබන 01 වනදා දක්වා සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

අදාළ සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්වී නොමැති බවට විමර්ශන නිලධාරීන් අධිකරණයේදී කළ කරුණු දැක්වීම හමුවේ සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. 

Exit mobile version