රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය බව කියන පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා රුපියල් 1,000ක මුදලක් එම පුද්ගලයා ගෙන් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන කන්තලේ මූලස්ථාන පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ අද(10)දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව වාර්තා වේ.
මූලික විමර්ශනයක් පවත්වා මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්කර ඇත්තේ කන්තලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා විසිනි.
කන්තලේ තැපැල් කාර්යාලය අසලදී මෙම පුද්ගලයා ගමන්ගත් යතුරු පැදිය පසුගිය 8 වෙනිදා නතර කර පරීක්ෂාකර බැලීමේදි ඔහුට එම යතුරු පැදිය පැදවීමට රියදුරු බලපත්‍රයක් නොමැති බවඅනාවරණය වීමෙන් පසු මෙම මුදල බලෙන් ලබා ගෙන ඇති බවට පොලීසිය පවසයි.