අල්ලස් කොමිසමට නව සාමාජිකයින් සඳහා අයදුම්පත් කැඳවේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත්‍ අද (16) කැඳවනු ලැබූ බව වාර්තා වේ .

අයදුම්පත් කැඳවීමේ දැන්වීම සහ ඊට අදාළ අයදුම්පත්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවිය මඟින්ද ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා තීරණය කළ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම දූෂණ විරෝධී පනතේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාදවිය.

ඒ අනුව පනතේ එම අඩුපාඩුව නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුවට අද (17) සංශෝධනයක් ගෙන ඒමට නියමිතව තිබේ.

Exit mobile version